වික්ටෝරියා කාන්තාවන්ගේ ඡායාරූප සහ වීඩියෝ යොදාගනිමින් සිදුකල අන්තර්ජාල ජාවාරමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ගේ ඡායාරූප සහ වීඩියෝ අනවසරයෙන් යොදාගනිමින් සිදුකල අන්තර්ජාල ජාවාරමක සුළමුල හෙළිවී තිබෙනවා.

ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම්වලට අනවසරයෙන් පිවිසී මෙලෙස ඡායාරූප සහ වීඩියෝ ලබාගෙන ඇති බව සඳහන්.

අනතුරුව ඒවා ප්‍රසිද්ධියට පත් කරන බවට තර්ජනය කර මුදල් ලබාගැනීමටත් විවිධ ලිංගික ඉරියව් නිරූපණය කරන ලෙසටත් බලකර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මුදල් ලබාදීමෙන් පසුව වුවද නැවත නැවතත් මෙලෙස තර්ජනය කල අවස්ථාද දක්නට ඇති බවයි වික්ටෝරියා සයිබර් ආරක්ෂණ අංශ සඳහන් කලේ.

2019 වසරේ සිට මේ දක්වා මෙවැනි වින්දිතයන් 34 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මෙම ජාවාරමට ගොදුරුවූ තවත් සිය ගණනක් සිටිය හැකි බවටද අනාවැකි පළවනවා.

ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය භාවිත කිරිමේදී වඩාත් අවධානය යොමු කරන ලෙසටයි විශේෂඥයන් විසින් ඉල්ලා සිටින්නේ.

SOURCE : https://www.9news.com.au/national/sextortion-racket-fleecing-intimate-photos-and-videos-from-hundreds-of-victorians/ad20a628-7663-4504-8ed0-a69a75fb46cf

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »