දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා හෙට සිට පූර්ණව විවෘත කෙරේ

මාස කිහිපයකට පසු දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා හෙට (23) සිට පූර්ණව විවෘත කෙරෙනවා.

ඒ අනුව නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ACT ප්‍රාන්තවල සිට පුද්ගලයන් 25,000 කට වැඩි පිරිසක් දකුණු ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අයදුම් කර ඇති බවයි ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාර්ෂල් නිවේදනය කලේ.

කෙසේවෙතත් මෙලෙස පැමිණෙන පුද්ගලයන් පූර්ණ එන්නත්කරණයට ලක්විය යුතු වනවා.

දකුණු ඔස්ටේ්‍රලියාවේ පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 80 කට ළගා වී නොමැති වාතාවරණයකදීයි මෙලෙස හෙට සිට ප්‍රාන්ත සීමා විවෘත කෙරෙන්නේ.

ප්‍රාන්ත සීමා විවෘත කෙරුණද පැමිණෙන සියල්ලන් පිළිබඳ දැඩිව පරීක්ෂාවට ලක් කරන බව දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැතිවරයා සඳහන් කලා.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »