Breaking: වලංගු වීසා බලපත් හිමියන්ට පූර්ව අනුමැතියකින් තොරව ලබන 01 දා සිට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට අවසර

පූර්ණ එන්නත්කරණයට ලක්වූ වලංගු වීසා බලපත් හිමියන්ට කිසිදු පූර්ව අනුමැතියකින් තොරව ලබන පළමුවනදා සිට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට අවසර ලබා දී තිබෙනවා.

දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අගමැති ස්කොට් මොරිසන් පැවසුවේ ශිෂ්‍යයන් – නිපුණතා ශ්‍රමිකයන් – සරණාගත වීසා දරනන්ට එම අවස්ථාව හිමිවන බවයි.

කෙසේවෙතත් අදාළ පුද්ගලයන් ඔවුන්ගේ එන්නත්කරණ තොරතුරු මෙන්ම සෘණාත්මක පී සී ආර් වාර්තාවක්ද ඉදිරිපත් කල යුතු වනවා.

එමෙන්ම ලබන පළමුවනදා සිට පූර්ණ එන්නත්කරණයට ලක්වූ දකුණු කොරියානු සහ ජපාන පුරවැසියන්ට සංචාරක වීසා බලපත් යටතේ කිසිදු නිරෝධායනයකින් තොරව ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමටද අවසර හිමිවන බව අගමැතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඔස්ට්‍රේලියාවේ දේශසීමා නැවත විවෘත වීමත් සමඟ ජාත්‍යන්තර සිසුන්, දක්ෂ සංක්‍රමණිකයන් සහ සරණාගතයින් 200,000 කට වැඩි පිරිසකට ඉදිරි සති කිහිපය තුළ නැවත ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවසර හිමිවනු ඇති.

මෙම වසර මුලදී ෆෙඩරල්, ප්‍රාන්ත සහ ප්‍රදේශ නායකයින් විසින් එකඟ වූ ජාතික සැලැස්මේ D අදියර යටතේ Covid-19 බූස්ටර වැඩසටහන ආරම්භ වීමත් සමඟ ජාත්‍යන්තර දේශසීමා නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ.

SOURCE: https://www.abc.net.au/news/2021-11-22/migration-boost-visa-international-student-places/100638704

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »