ජාත්‍යන්තර සිසුන්, දක්ෂ සංක්‍රමණිකයන් සහ සරණාගතයින් ලක්‍ෂ 2ක් ඔස්ට්‍රේලියාවට ගෙන ඒමට සැරසේ!

ඔස්ට්‍රේලියාවේ දේශසීමා නැවත විවෘත වීමත් සමඟ ජාත්‍යන්තර සිසුන්, දක්ෂ සංක්‍රමණිකයන් සහ සරණාගතයින් 200,000 කට වැඩි පිරිසකට ඉදිරි සති කිහිපය තුළ නැවත ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවසර දෙනු ඇත.

මෙම වසර මුලදී ෆෙඩරල්, ප්‍රාන්ත සහ ප්‍රදේශ නායකයින් විසින් එකඟ වූ ජාතික සැලැස්මේ D අදියර යටතේ Covid-19 බූස්ටර වැඩසටහන ආරම්භ වීමත් සමඟ ජාත්‍යන්තර දේශසීමා නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ.

එන්නත් කරන ලද ජාත්‍යන්තර සංචාරකයින්ට නිරෝධායනය නොමැතිව රට තුළට ඇතුළු වීමට ද එය ඉඩ සලසයි.

භාණ්ඩාගාරික Josh Frydenberg පැවසුවේ දේශසීමා නැවත විවෘත කිරීම ආර්ථික ප්‍රකෘතියට රුකුලක් වනු ඇති බවත්, ශ්‍රම වෙළඳපල හිඟය විසඳීමට සහ ව්‍යාපාර විශ්වාසයෙන් යුතුව වර්ධනය වීමට ඉඩ සලසන බවත්ය.

දක්ෂ සංක්‍රමණිකයන් සහ ජාත්‍යන්තර සිසුන් නැවත පැමිණීම පිළිබඳ වැඩිදුර තොරතුරු අද(සඳුදා) සවස​ ප්‍රකාශයට පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා අපේක්ෂා කරයි.

Source: https://www.news.com.au/travel/travel-updates/international-students-skilled-migrants-to-return-to-australia-as-border-reopens/news-story/c48ebd81f6dafa4f1a3e299871e750ef

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »