
අද (22) සිට විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සේවා පුද්ගලයන් 150 දෙනෙකු සඳහා පමණක් සීමා කර ඇති බව කොන්සියුලර් කටයුතු අංශය නිවේදනය කරනවා.
විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ විද්‍යුත් ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියේ සිදවූ බිඳවැටීමක් හේතුවෙන්, පසුගිය දින කිහිපය තුළ ජනතාව මුහුණදුන් අපහසුතාව වෙනුවෙන්ද විදේශ අමාත්‍යාංශය සිය කණගාටුව පළ කර තිබෙනවා.
මෙම බිඳවැටීම හේතුවෙන් ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සහ විදේශයන් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ශාඛා ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියට ද බලපෑම් එල්ල වී තිබුණා.

මෙම ගැටළු නිරාකරණය කිරීම සඳහා අමාත්‍යාංශයේ තාක්ෂණික කණ්ඩායමක් මේ වන විට කටයුතු කරමින් සිටිනවා.
කාර්යාලය වෙත පැමිණීමට පෙර තොරතුරු දැන ගැනීම සදහා 0112 338812 යන අංකය අමතන ලෙසත් නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.
