එන්නත්කරණය ගැන අගමැති මොරිසන් දෙබිඩි පිළිවෙතක – වික්ටෝරියා අගමැතිගෙන් චෝදනා

එන්නත්කරණය සහ කොවිඩ් මර්දන නීති සම්බන්ධයෙන් අගමැති ස්කොට් මොරිසන් දෙබිඩි පිළිවෙතක නිරත වන බවට වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් චෝදනා කරනවා.

එන්නත්කරණ ඉලක්ක ප්‍රකාශයට පත් කිරීමෙන් වැළකී සිටීමට ප්‍රාන්ත රජයන් කටයුතු කල යුතු බවයි අගමැති මොරිසන් පසුගියදා පවසා සිටියේ.

එහෙත් හැකි ඉක්මණින් දේශ සීමා විවෘත කිරීමට එන්නත්කරණය අභියෝගය ජයගත යුතු බවටද ඔහු අදහස් දක්වා සිටින බවටයි වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් චෝදනා කරන්නේ.

අගමැතිවරයාගේ පරස්පර අදහස් හේතුවෙන් ජනතාව අතර පවා එන්නත්කරණය පිළිබඳ ඇති විශ්වාසය බිඳ වැටෙන බව ප්‍රාන්ත අගමැතිවරයාගේ ස්ථාවරයයි.

එබැවින් එක මතයක සිට අදහස් දැක්වීමට අගමැති මොරිසන් කටයුතු කල යුතු බවයි ප්‍රානත අගමැතිවරයා සඳහන් කලේ.

source : https://www.9news.com.au/national/victorian-premier-daniel-andrews-says-his-relationship-with-prime-minister-scott-morrison-will-improve-when-the-pm-stops-double-speaking-to-extremists/ff3fc981-cb7c-499c-9f2a-ed4511236d87

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »