නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සඳහා යෝජිත නව කොවිඩ් පණත් කෙටුම්පත ප්‍රාන්ත අගමැති Dominic Perrottet විසින් මෙම සතියේදී ඉල්ලා අස්කර ගනු ඇති බවට වාර්තා පළවේ.
ඒ වෙනුවට තවත් රෙගුලාසි එකතු කර නව කෙටුම්පතක් ඉදිරියේදී හඳුන්වාදීමට ඔහු කටයුතු කරනු ඇති බව සඳහන්.
ඒ අනුව කොවිඩ් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් අනුගමනය කල යුතු නීති රැසක් නව කෙටුම්පතට අන්තර්ගත වනු ඇති බවටයි වාර්තා පළවන්නේ.
QR කේත ක්‍රමය මෙන්ම මුව ආවරණ භාවිතය සම්බන්ධ රෙගුලාසි ගණනාවක්ද යෝජිත පණතට අන්තර්ගත කෙරෙනු ඇති.
නිවු සවුත් වේල්ස් හි දැනට පවතින රෙගුලාසි අනුව ගෘහස්ථ කටයුතුවලදී මුව ආවරණ භාවිතය දෙසැම්බර් 15 වනදා දක්වා අනිවාර්යයි.