ඔස්ටේ්රලියාවේ පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් කල ප්‍රතිශතය සියයට 85 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
අවුරුදු 16 ට වැඩි සමස්ත ජනගහණය අතුරින් සියයට 91.5 ක් පමණ පළමු මාත්‍රාව ලබාගෙන අවසන් බවයි සෞඛ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
තවදුරටත් අඩුම එන්නත්කරණ ප්‍රතිශතය සහිත ප්‍රාන්තය බවට පත්වී සිටින්නේ බටහිර ඔස්ටේ්රලියාවයි. එය සියයට 72.7 ක්.
ක්වීන්ස්ලන්ඩ් හා Northern Territory සියයට 73.3 ක් ලෙස එන්නත්කරණ ප්‍රතිශතයන් පවතිනවා.
ඔස්ටේ්රලියාවේ ඉහළම එන්නත්කරණ ප්‍රතිශතය සටහන් වන්නේ ACT ප්‍රාන්තයෙන් වන අතර එය සියයට 95 ක්.
නිවු සවුත් වේල්ස් 02 වන ස්ථානයේත් වික්ටෝරියා 03 වන ස්ථානයේත් පසුවනවා.