වසර 02 කට පමණ පසු ඔස්ටේ්‍රලියාවට නැවතත් ජාත්‍යන්තර සිසුන් පැමිණීම අද ආරම්භ වුණා.
ඒ සිංගප්පූරුව සහ ඔස්ටේ්‍රලියාව අතර ගුවන් සංචාරක බුබුළ අද සිට ආරම්භ කිරීමත් සමග එරට සිට ගුවන් යානා 02 ක් ඔස්ටේ්‍රලියාවට ගොඩබැස්වීමත් සමගයි.
මෙල්බන් සහ සිඩ්නි ගුවන් තොටුපළ වෙත මෙම යානා ළගාවී තිබෙනවා.
මෙම සිසුන් අතර සිටින පූර්ණ එන්නත්කරණයට ලක්වූ කිසිවෙකුත් නිරෝධායනයට ලක්වීම අවශ්‍ය වන්නේ නැහැ.
මීලග ජාත්‍යන්තර සිසුන් කණ්ඩායම ලබන 07 වනදා සිඩ්නි ගුවන් තොටුපළට පැමිණෙනු ඇති.
කොවිඩ් තත්වය හමුවේ ඔස්ටේ්‍රලියාවෙන් බැහැරව ගිය ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 130,000 ක් පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.