මෙල්බන් නිවසක ගින්නකින් කුඩා දරුවන් 04 දෙනෙකු මරුට

මෙල්බන් බටහිර Werribee ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් කුඩා දරුවන් 04 දෙනෙකු මියගොස් තිබෙනවා.

අද අලුයම 01 ට පමණ හටගත් මෙම ගින්නෙන් තවත් 03 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ළමුන් 05 දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු අදාල අවස්ථාවේ නිවසේ රැඳී සිට තිබෙනවා.

ඉන් දිවි ගලවාගැනීමට සමත්වී ඇත්තේ වැඩිහිටියන් දෙදෙනා සමගින් එක් දරුවෙකු පමණයි.

මියගිය පිරිමි ළමුන් දෙදෙනා වයස අවුරුදු 03 හා 10 වියැති වන අතර ගැහැණු ළමුන් දෙදෙනා වයස අවුරුදු 01 සහ 06 වියැති වනවා.

ගින්න හටගැනීමට හේතුවක් තවමත් අනාවරණ වී නැහැ.

PIC – 7NEWS

අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

Read More »

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »