Search

රංජන් මඩුගල්ලේ අද ලෝක වාර්තාවක් තබයි

තරග 02 කින් සමන්විත ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය අද ආරම්භ වනවා.

තරග 02 ම පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

දිමුත් කරුණාරත්න ගේ නායකත්වය යටතේයි ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට එක්වන්නේ.

මේ අතර ටෙස්ට් තරග 200 ක තරග තීරක ලෙස කටයුතු කරන ලද පළමු තරග තීරකවරයා වීමේ අවස්ථාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරුන්ගේ ප්‍රධානී රංජන් මඩුගල්ලේට අද උදාවනවා.

ලොව තරග තීරකවරුන් අතර ජ්‍යෙෂ්ඨතමයා ලෙසයි රංජන් මඩුගල්ලේ සැලකෙන්නේ.

ටෙස්ට් තරග 100 සහ 150 ක සීමාව පසුකළ පළමු තරග තීරකයා ලෙසින්ද ඔහු වාර්තා පොත් අතරට එක්ව සිටිනවා.

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ජනප්‍රිය “Toy Shop” එකක අනතුර සොරකමක් වෙයි

මෙල්බන් හි ජනප්‍රියතම සෙල්ලම්ඉඩු අළෙවි සැලක් කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

දූෂිත ගුවන්‍ යානා ගණුදෙනුවක් හේතුවෙන් උදයංගට සහ කපිලට ඇමරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක පනවා තිබෙනවා.

Read More »

දකුණු ආසියාතික රටකට හිමිවන විශේෂ Visa කාණ්ඩයක් අද සිට Open

Mobility Arrangement for Talented Early-professionals Scheme (MATES) නමින් හැඳින්වෙන නව නියමු වැඩසටහනක් මඟින් ඉන්දියාවේ තරුණ වෘත්තිකයන්ට සහ උපාධිධාරීන්ට ඔස්ට්‍රේලියාවේ සේවය කිරීමේ පහසුම ඉහළ නංවා තිබෙනවා.

Read More »