දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය සිය ප්‍රාන්ත සීමා නොවැම්බර් 23 වන දින විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
නමුත් පූර්ණ කොවිඩ් එන්නත්කරණය 90% මට්ටමට පහළ ඇති නගර සභා කලාපවලින් පැමිණෙන සංචාරකයින්ට අළු බඳුන ටෙස්ට් තරගය වැනි අධි අවදානම් ස්ථාන වෙත යාමට අවසර හිමි නොවේ.
දෙසැම්බර් 15 වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් නීති සියල්ලක්ම ඉවත් කිරීමට හැකිවෙතැයි ප්‍රාන්ත අගමැති Dominic Perrottet පැවසීය.
Pubs සහ සමාජ ශාලා සඳහා පනවා ඇති කොවිඩ් නීති පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පුද්ගලයින්ට දෙසැම්බර් 6 සිට ඉවත් කිරීමට ටස්මේනියා ප්‍රාන්තය තීරණය කරයි.
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,273 ක් සමග කොවිඩ් මරණ 8 ක් වාර්තා වේ.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 216 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 3 ක් වාර්තා වේ.