ඔස්ටේ්‍රලියා ටෙස්ට් ක්‍රිකට් නායක ටිම් පෙයින් ඉල්ලා අස්වෙයි

ඔස්ටේ්‍රලියා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ටිම් පෙයින් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ ටස්මේනියා ප්‍රාන්ත ක්‍රිකට් සේවිකාවකට ජංගම දුරකථනයෙන් අසභ්‍ය කෙටි පණිවිඩ යැවිමේ චෝදනාවක් ඔහුට එල්ල වීමත් සමගයි.

මේ පිළිබද ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය විසින්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

2017 වසරේ පැවති ක්‍රිකට් තරගාවලියක් අතරතුර තමා මෙම අත්දැකීමට මුහුණ දුන් බවයි අදාල කාන්තාව සදහන් කර ඇත්තේ.

ඔස්ටේ්‍රලියාව හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිත අළුබදුන ටෙස්ට් තරගාවලියට සති කිහිපයක් ඉතිරිව තිබියදී ටිම් පෙයින් මෙලෙස නායකත්වයෙන් ඉවත් වීම විශේෂත්වයක්.

තරග 05 කින් සමන්විත අළුබදුන තරගමාලාව ලබන දෙසැම්බර් 8 වනදා සිට ඔස්ටේ්‍රලියාවේදී පැවැත්විමට නියමිතයි.

ටිම් පෙයින්ගේ ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වු නායකත්වයට තුන් ඉරියව් ක්‍රිඩක පැට් කමින්ස් පත් කිරිමට ඉඩ ඇතැයි සදහන්.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »