වයස අවුරුදු 12 ත් 18 ත් අතර සිසුන් කොවිඩ් එන්නත් ලබාගැනීමට උනන්දුකරවීම සඳහා ඇපල් සමාගමේ නිෂ්පාදන පිරිනැමීමට තස්මේනියා ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.
පළමු මාත්‍රාව හෝ මාත්‍රා 02 ම ලබාගෙන ඇති ඕනෑම අයෙකු මෙම දිනුම් ඇදීමට සුදුසුකම් ලබන අතර ජයග්‍රාහකයන්ට iPhones – iPad හෝ Apple Watch ත්‍යාග ලෙස හිමිවනු ඇති.
හෙට සිට මෙම තරගය ආරම්භ කරන බවයි තස්මේනියා ප්‍රාන්ත අගමැති පීටර් ගුට්වෙයින් සඳහන් කලේ.
දෙසැම්බර් 15 වනදා වනවිට ප්‍රාන්ත සීමා විවෘත කිරිම සඳහා ප්‍රාන්තයේ එන්නත්කරණ ඉලක්කය සියයට 90 සීමාව අභිබවා යාම ඉලක්ක කරගනිමින් මෙය සැළසුම් කර තිබෙනවා.
තස්මේනියාවේ වයස අවුරුදු 12 ත් 15 ත් අතර වයස් කාණ්ඩයේ එන්නත්කරණ ප්‍රතිශතය පවතින්නේ සියයට 50 ක් ලෙසයි.