බටහිර ඔස්ටේ්‍රලියාවද ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට තීරණය කරයි

ජාත්‍යන්තර සිසුන් නැවත ගෙන්වා ගැනීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයද තීරණය කර තිබෙනවා.

ලබන වසරේ පළමු අධ්‍යයන වාරය සඳහා එලෙස සිසුන් ගෙන්වා ගැනීමටයි දැනට සැළසුම් කර ඇත්තේ.

ප්‍රාන්තයේ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 80 ඉක්මවා යාමෙන් පසු එය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ඒ අනුව බොහෝ දුරට ලබන ජනවාරි හෝ පෙබරවාරි වනවිට ජාත්‍යන්තර සිසුන් පර්ත් හි උසස් අධ්‍යාපන ආයතන වෙත ගෙන්වා ගැනීමට අපේක්ෂිතයි.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පැමිණීමට අවසර ඇත්තේ පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජාත්‍යන්තර සිසුන්ට පමණයි.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පෙර වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත, ACT සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත ද ජාත්‍යන්තර සිසුන් යළි ගෙන්වා ගැනීමට වැඩසටහන් ඉදිරිපත් කර තිබෙනවා.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

Qantas සමාගමේ ගුවන් ගමන්වල වෙනසක්

මැදපෙරදිග ඇතැම් ප්‍රදේශවලට පියාසර කිරීම වළක්වා ගැනීම සඳහා පර්ත් සහ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් මාර්ගය යළි ආරම්භ කිරීමට ක්වන්ටාස් සමාගම සැලසුම් කර තිබෙනවා.

Read More »

රොබින්සන් කෘෘසෝ චරිතය යළි සිහිපත් කළ බේරා ගැනීම

රොබින්සන් කෘෘසෝ චරිතය යළි සිහි ගැන්වූ පුවතක් බටහිර පැසිෆික් කලාපයේ පිහිටා ඇති මයික්‍රොනීසියා නම් මිනිසුන් නොමැති දූපතකින් වාර්තා වී තිබෙනවා.

Read More »