Search

තර්ජනවලට බිය නැතැයි වික්ටෝරියා අගමැති කියයි

තමාට සහ තම පවුලට එරෙහි මරණ තර්ජන පිටුපස සිටිනුයේ එන්නත්කරණයට එරෙහි පිරිස් බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.

කුමන බාධා එල්ලවුවද කොවිඩ් වසංගතය වික්ටෝරියා ප්‍රාන්තයෙන් තුරන් කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවටයි ඔහු සහතික වූයේ.

රූපවාහිනී නාලිකාවක් සමග අද පෙරවරුවේ පැවති සම්මුඛ සාකච්ඡාවකදීයි අගමැතිවරයා මේ බව සඳහන් කලේ.

කිසිදු තර්ජනයකට බිය නොමැති බවත් ප්‍රාන්ත අගමැතිවරයා ලෙස ගත යුතු සියලු නිවැරදි තීන්දු නිසි කලට ගන්නා බවටත් ඔහු සහතික වුණා.

වික්ටෝරියා ප්‍රාන්තයේ නව කොවිඩ් පණතට එරෙහිව වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැත්වෙන විරෝධතා අතරතුර ඩැනියල් ඇන්ඩෲස් සහ පවුලේ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ලවූ අතර පාර්ශව රැසක් ඒ පිළිබඳ අප්‍රසාදය පළ කලා.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »