සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක වන ප්‍රභානි රණවීර විසින් අධි තාක්ෂණික වෙඩි නොවදින ඇඳුමක් නිර්මාණය කර තිබෙනවා.
ආචාර්ය උපාධිය හදාරමින් සිටින ඇය සිය පශ්චාත් උපාධි පර්යේෂණය තුළින් මෙලෙස අධි තාක්ෂණික වෙඩි නොවදින ඇඳුමක් නිර්මාණය කර ඇති බව සඳහන්.
දැනට ලෝකයේ භාවිතයට ගනු ලබන්නේ වානේ වෙඩි නොවදින ඇඳුම් වන අතර වානේ බර වැඩි වීම හේතුවෙන් ගැටලු රැසකට මුහුණදීමට සිදුවී තිබෙනවා.
කෙසේ වෙතත් ප්‍රභානි විසින් නිර්මාණය කර ඇති මෙම නව නිර්මාණයේ බර අඩු කර ඇති අතර ඒ සඳහා වානේ, ඇලුමිනියම් සහ ටයිටේනියම් යොදාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
දැනට පවතින වානේ වෙඩි නොවදින ඇඳුම භාවිත කිරීමේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් නොවුන ද ඉන් ඇතිවන තරංග හේතුවෙන් සිරුරේ අභ්‍යන්තරයේ අවයවවලට හානි සිදුවිය හැකියි.
නමුත් මෙම ත්‍රිත්ව ලෝහ වෙඩි නොවදින ඇඳුම තුළින් එම පසු කම්පනයන් සියයට 80කින් පමණ අඩුකිරීමට සමත්වන බවයි ප්‍රභානි රණවීර ප්‍රකාශ කර ඇත්තේ.