වික්ටෝරියා වසංගත පනත සම්බන්ධ විවාදය අද

වික්ටෝරියා ප්‍රාන්තයේ යෝජිත වසංගත පනත සම්බන්ධයෙන් වන විවාදය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විවාදය අද රාත්‍රිය දක්වා පැවතිය හැකි අතර, පනත සම්මත කිරීම සඳහා වික්ටෝරියා පාර්ලිමේන්තුවට අමතර දිනයක් රැස්විය හැකියි.

වික්ටෝරියා මහජන සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ පනත් කෙටුම්පත සඳහා ප්‍රාන්ත රජය සංශෝධන හතක් සිදුකර තිබෙනවා.

මහජන සෞඛ්‍ය නියෝග කඩ කරන පුද්ගලයින් සඳහා අය කෙරෙන උපරිම දඩ මුදල අඩකින් අඩු කිරීම එක් සංශෝධනයක්.

විරෝධතා දැක්වීමේ අයිතිය රෙගුලාසිවලට ඇතුළත් කිරීම මෙන්ම නිකුත් කරන ඕනෑම නියෝගයක් සමග ඇති උපදෙස් දෙසතියකින් නොව සතියක් ඇතුළත ප්‍රසිද්ධියට පත් කළ යුතු බවටද වෙනස්කමක් සිදුකර තිබෙනවා.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

Qantas සමාගමේ ගුවන් ගමන්වල වෙනසක්

මැදපෙරදිග ඇතැම් ප්‍රදේශවලට පියාසර කිරීම වළක්වා ගැනීම සඳහා පර්ත් සහ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් මාර්ගය යළි ආරම්භ කිරීමට ක්වන්ටාස් සමාගම සැලසුම් කර තිබෙනවා.

Read More »