Search

කොවිඩ් නීති ලිහිල් කිරීම ගැන වික්ටෝරියා අගමැතිගෙන් ඉදිරි පැය 48 තුළ විශේෂ ප්‍රකාශයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට පවතින කොවිඩ් නීති රෙගුලාසි තවදුරටත් ලිහිල් කිරීම සම්බන්ධයෙන් ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් ඉදිරි පැය 48 තුළ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

ඒ අනුව එළඹෙන සති අන්තයේ සිට ප්‍රාන්තයේ කොවිඩ් මර්දන නීති තවදුරටත් ලිහිල්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර මුව ආවරණ නීති සැළකිය යුතු මට්ටමකින් ඉවත් කෙරෙනු ඇති.

අවන්හල් ඇතුලු බාහිර ස්ථාන සියල්ල උපරිම ධාරිතාවයෙන් පවත්වාගෙන යාමටද මෙහිදී අවසර දෙනු ඇතැයි අනාවැකි පළවනවා.

කෙසේවෙතත් රෝහල් සහ වැඩිහිටි නිවාසවල මුහුණු ආවරණ භාවිතය තවදුරටත් අනිවාර්ය කර තබන්නැයි සෞඛ්‍ය කාර්ය මණ්ඩල දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටිනවා.

කලින් ප්‍රකාශයට පත් කල මාර්ග සැළසුම අනුව වික්ටෝරියාවේ සියයට 90 ක එන්නත්කරණ ඉලක්කය නොවැම්බර් 24 වනදා වනවිට සපුරා ගනු ඇති බවටයි තක්සේරු කර තිබුණේ.

එහෙත් එය සතියකට පෙර සම්පූර්ණවීමත් සමගයි මෙලෙස නීති ලිහිල් කරනු ලබන්නේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »