මිකී ආර්තර් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරින් ඉවත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආර්තර් එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඔහු සඳහන් කලේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් පසු තමන් එම ධුරයෙන් ඉවත් වන බවයි.

ඔහු ඒ බව පවසා ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

මේ අතර එංගලන්තයේ ඩර්බිශයර් ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් ප්‍රධානී ලෙස මිකී ආර්තර් පත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ක්‍රීඩා සමාජය පැවසුවේ ඔස්ටේ්‍රලියාව – දකුණු අප්‍රිකාව – පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන ජාතික කණ්ඩායම්වල පුහුණුකරු ලෙස කටයුතු කල මිකී ආර්තර්ගේ සේවය ලබාගැනීමට හැකිවීම පිළිබඳ සතුටුවන බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »