ශ්‍රී ලංකාව සංචාරයට ආරක්ෂිතයි – මෙල්බන් සංචාරක දැනුවත් කිරීමේ තොරතුරු

සංචාරක ගමනාන්තයක් ලෙස ඔස්ටේ්‍රලියානු සංචාරකයන් අතර ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ප්‍රචලිත කිරීමට අදාළ දැනුවත් කිරීමේ අන්තර්ජාල දැනුවත් කිරීමේ සැසියක් අද පැවැත්වුණා.

මෙල්බන් නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය විසිනුයි එය සංවිධාන කර තිබුණේ.

මෙල්බන් හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය / ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය / ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් / ඔස්ටේ්‍රලියා ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය ඇතුලු පාර්ශව රැසක් මීට එක්ව සිටියා.

සියලු මාධ්‍ය ආයතන සඳහා මීට ආරාධනා කර තිබූ අතර Ausලංකා TV ද එය වාර්තාකරණයට සහභාගී විය.

මෙම අවස්ථාවට එක්ව සිටි මෙල්බන් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කපිල ෆොන්සේකා කියාසිටියේ ශ්‍රී ලංකාවට සංචාරක කටයුතු සඳහා සෞඛ්‍යාරක්ෂිතව ගොස් නැවත ආරක්ෂිතව ඔස්ටේ්‍රලියාවට පැමිණීමට ඔස්ටේ්‍රලියානුවන්ට අවස්ථාව ලැබී ඇති බවයි.

ඔස්ටේ්‍රලියාව ඇතුලු රටවල් 16 ක් ඉලක්ක කර විශේෂ සංචාරක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි මෙහිදී අනාවරණය කෙරුණේ.

ඉන්දියාව සමග දැනටමත් සංචාරක කටයුතු ආරම්භ කර ඇති අතර ඔස්ටේ්‍රලියාව ඇතුලු තවත් රටවල් කිහිපයක සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම මීලග ඉලක්කය වී තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු පැවසුවේ එන්නත්කරණ සහතිකය සහ ගුවන් ගමනට පැය 72 කට පෙර ලබාගත් සෘණාත්මක පී සී ආර් පරීක්ෂණ ප්‍රථිඵල වාර්තාව ඇත්නම් කිසිදු අවහිරයකින් තොරව ශ්‍රී ලංකාවට ඇතුලුවීමට විදෙස් සංචාරකයන්ට අවස්ථාව පවතින බවයි.

එන්නත් ගෙන නොමැති නම් ජෛව ආරක්ෂණ බුබුළක් යටතේ සිට රටට ඇතුලුවීමට ඔවුන්ට අවසර ලැබෙන බවද කිමාලි ප්‍රනාන්දු සඳහන් කලා.

රටට පැමිණෙන සෑම අයෙකුටම කොවිඩ් රක්ෂණාවරණයක් ලැබෙන බවද මෙහිදී අවධෘරණය කෙරුණා.

නව වීසා රෙගුලාසි – කොවිඩ් 19 ආරක්ෂක පියවර – ශ්‍රී ලංකා සංචාරක නිෂ්පාදන සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් විස්තර පිළිබඳ සවිස්තර තොරතුරු මෙම සැසියට ඇතුළත් විය.

රටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා විශේෂ වරප්‍රසාද රැසක් ලැබෙන බවද මෙම සැසියේදී අනාවරණය වුණා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »