ඔස්ටේ‍රලියාව තුළ කෝපි සහ red meat මිළ ගණන් ඉහළ යනු ඇති බවට අනාවැකි

ඔස්ටේ‍රලියාව තුළ කෝපි සහ red meat ඝනයට ගැනෙන මස් මිළ ගණන් ඉහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.

කොවිඩ් සීමා හමුවේ භාණ්ඩ ආනයනයට ඇති බාධා සමග කෝපි ඇට රටට ගෙන්වීම සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙනවා.

මේ අනුව කෝපි කෝප්පයක මිළ ඩොලරයකින් පමණ ඉහළ යනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

මේ අනුව නාගරික ප්‍රදේශවල කෝපි කෝප්පයක මිළ ඩොලර් 4 – 5 ත් අතර අගයකට වැඩි වනු ඇතැයිද ඒ අනුව පාරිභෝගිකයන් සංඛ්‍යාව සියයට 20 ත් 25 ත් අතර ප්‍රමාණයකින් අඩු වනු ඇති බවටද අනතුරු ඇගවෙනවා.

ලොව විශාලතම කෝපි නිෂ්පාදකයා වන බ්‍රසීලයට බලපා ඇති දරුණු නියගය හමුවේ එරට අපනයන පහළයාමද මීට හේතුවක් වනවා.

මේ අතර red meat ඝනයට ගැණෙන ගව මස් – ඌරු මස් සහ බැටලු මස් මිළ ගණන් ඉදිරි මාස 18 තුළදී වැඩිවනු ඇති බවටද අනාවැකි පළවී තිබෙනවා.

සැපයුම් අඩාලවීම හමුවේ ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් නොමැතිවීමයි ඊට හේතුව වන්නේ.

මේ අතර ගතවූ වසර 03 සැළකීමේදී Woolworths හා Coles හි අලෙවි කරන පළතුරු – බටර් – තෙල් – කිරි සහ බිත්තර මිළ ගණන් සියයට 03 ත් 13 ත් අතර අගයන්ගෙන් ඉහළ ගොස් ඇති බවයි Deakin University විසින් කල සමික්ෂණයකදී හෙළි වී ඇත්තේ.

source : https://www.9news.com.au/national/red-meat-prices-predicted-to-surge-for-at-least-18-months-because-of-demand/e7aa6a18-7ca1-423d-82e3-7c2b0b0ec868

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »