Australia Post ගොඩගැසී තිබූ සියලුම ලිපි සහ පාර්සල් බෙදා හැර අවසන් කරයි

කොවිඩ් මර්දනය වෙනුවෙන් ලොක්ඩවුන් කාලසීමාවේදී ගොඩගැසී තිබූ සියලුම ලිපි සහ පාර්සල් බෙදා හැර අවසන් කල බව Australia Post පවසනවා.

කෙසේවෙතත් නත්තල් තෑගි සහ සුභ පැතුම් ඇතුලු සියල්ල නිසි කාලයට පෙර බෙදා හැර අවසන් කිරීමට නම් කලින් ප්‍රකාශයට පත් කල දින වකවානු අඛණ්ඩව බලපැවැත්වෙන බවයි ඔවුන් නිවේදනය කරන්නේ.

ඒ අනුව බටහිර ඔස්ටේ්‍රලියාව සහ Northern Territory හැර අනෙකුත් සියලු ප්‍රදේශ සඳහා පාර්සල් භාර ගන්නා අවසන් දිනය දෙසැම්බර් 13 වනදායි.

Express Post සඳහා එය දෙසැම්බර් 20 වනදා ලෙසයි දක්වා ඇත්තේ.

බටහිර ඔස්ටේ්‍රලියාව සහ Northern Territory සඳහා පාර්සල් භාර ගන්නා අවසන් දිනය දෙසැම්බර් 08 වනදායි.

එම ප්‍රදේශවල Express Post සඳහා එය දෙසැම්බර් 15 වනදා ලෙසයි දක්වා ඇත්තේ.

Australia Post හි විශාලම සැකසුම් මධ්‍යස්ථානය වන මෙල්බර්න්  Sunshine West හි පිහිටා ඇති මධ්‍යස්ථානයේ ඉදිරියේදී දිනකට පාර්සල් ලක්ෂ 20 ක් පමණ සකසා අවසන් කෙරෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

PIC CREDIT – AAP

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »