වික්ටෝරියා නව කොවිඩ් පනත් කෙටුම්පත සඳහා සංශෝධන 07 ක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සංශෝධිත මහජන සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ පනත් කෙටුම්පත සඳහා ප්‍රාන්ත රජය සංශෝධන හතක් සිදුකර තිබෙනවා.

ඒ මෙම කෙටුම්පත වහා හකුළා ගන්නැයි බල කර වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක් පවා පැවැත්වෙන වාතාවරණයකදීයි.

මහජන සෞඛ්‍ය නියෝග කඩ කරන පුද්ගලයින් සඳහා අය කෙරෙන උපරිම දඩ මුදල අඩකින් අඩු කිරීම එක් සංශෝධනයක්.

විරෝධතා දැක්වීමේ අයිතිය රෙගුලාසිවලට ඇතුළත් කිරීම මෙන්ම නිකුත් කරන ඕනෑම නියෝගයක් සමග ඇති උපදෙස් දෙසතියකින් නොව සතියක් ඇතුළත ප්‍රසිද්ධියට පත් කළ යුතු බවටද වෙනස්කමක් සිදුකර තිබෙනවා.

මෙම පනත සම්මත කරගැනීමේ විවාදය හෙට (18) රාත්‍රිය දක්වා පැවතිය හැකි අතර, පනත සම්මත කිරීම සඳහා වික්ටෝරියා පාර්ලිමේන්තුවට අමතර දිනයක් රැස්විය හැකියි.

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »