කොවිඩ් එන්නත ගැනීමෙන් පසු විවිධ සංකූලතා මතුවීම හමුවේ ෆෙඩරල් රජයෙන් ලබාදෙන වන්දි ලබාගැනීම සඳහා ඔස්ටේරලියානුවන් 10,000 කට වැඩි පිරිසක් මේ වනවිට අයදුම් කර තිබෙනවා.
එන්නතක් හමුවේ රෝහල්ගතවීමට සිදුවූ බවට සනාථ වුවහොත් ඩොලර් 5000 සිට 20,000 දක්වා වන්දි මුදලක් ලබාගැනීමට ඔවුන්ට ප්‍රතිපාදන පවතිනවා.
කෙසේවෙතත් ඕනෑම එන්නතක් ගැනීමෙන් පසු කෙටිකාලීනව මෙන්ම දීර්ඝකාලීනව සංකූලතා මතුවීම සාමාන්‍ය තත්වයක් බැවින් මෙම වන්දි හිමිවනුයේ ඉතා සුලු පිරිසකට පමණක් බවටත් අනාවැකි පළවනවා.
දැනට ඔස්ටේරලියාව තුළ එන්නත් මාත්‍රා මිලියන 37 ක් පමණ ලබාදී ඇති අතර එයින් සැළකිය යුතු මට්ටමේ සංකූලතා මතුවී ඇත්තේ සියයට 0.21 ක් පමණයි.
කෙසේවෙතත් බරපතල රෝගාබාධයන්ට ලක්ව රැකියා පවා අහිමිවී රෝහල්ගත වුවන්ට මෙම වන්දිය ලබා ගත හැකි වනවා.