අතහැර දමා යන ට්‍රොලි සඳහා වෙළඳසැල් හිමියන්ගෙන් දඩ අයකල යුතු බවට යෝජනාවක්

පාරිභෝගිකයන් විසින් අතහැර දමා යන ට්‍රොලි සඳහා සුපිරි වෙළඳසැල් හිමියන්ගෙන් දඩ අයකල යුතු බවට වන යෝජනාවක් නිවු සවුත් වේල්ස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙනවා.

පාරිභෝගිකයන් විසින් විවිධ ස්ථානවල අතහැර දමා යන ට්‍රොලි පැය 03 ක් ඇතුළත නැවත රැගෙන නොගියහොත් ඩොලර් 660 ක දඩයක් එලෙස අය කල යුතු බවටයි යෝජනා වී ඇත්තේ.

සුපිරි වෙළඳසැල් අසල ට්‍රොලි දමා යාම හමුවේ රිය අනතුරු වැඩිවීම මෙන්ම මාර්ග අවහිරතා ඇති විය හැකි බවටද වාර්තා පළවී තිබෙනවා.

එමෙන්ම වැඩිවන සෑම ට්‍රොලියක් සඳහාම ඩොලර් 66 බැගින් වැඩිවන පරිදි දඩ අයකල යුතු බවටද නිවු සවුත් වේල්ස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාවේ සඳහන්.

එමෙන්ම සුපිරි වෙළඳසැල් සඳහා බලපැවැත්වෙන තවත් නීති මාලාවක් හඳුන්වාදීම කෙරෙහිද නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »