ප්‍රවේශමෙන් !!! සල්ලි රට යවන ආයතනවලින් පරිස්සම් වන්නැයි ඔස්ටේ්‍රලියා රජයෙන් දැනුම්දීමක්

ලියාපදිංචි නොමැති, මුදල් ප්‍රේෂණ (සල්ලි රට යවන) නියෝජිත ආයතන පිළිබඳ විමසිලිමත් වන ලෙස ඔස්ටේ්‍රලියානු රජය සියලු ජනතාවට දන්වා සිටිනවා.

ඔස්ටේ්‍රලියාවේ සිට මුදල් වෙනත් රටකට යැවීමට බලයලත් ස්ථාන සියල්ල මුදල් විශුද්ධිකරණ පණත සහ ත්‍රස්ත මර්දන පණත ආරක්ෂා කරන බවට ලියාපදිංචි විය යුතු වනවා.

එහෙත් එලෙස නොවන ඇතැම් ආයතන විසින් ත්‍රස්තවාදය – ළමා අපචාර – නීති විරෝධී ගිණි අවි ජාවාරම් වැනි සඳහා මුදල් ලබාදීමේ අරමුණින් මුදල් ප්‍රේෂණ ආයතන පවත්වාගෙන යන බවටයි ඔස්ටේ්‍රලියානු රජය දන්වා සිටින්නේ.

නිවැරදිව සහ බලයලත් ආයතනයක් හරහා විදේශයකට මුදල් ප්‍රේෂණය කරනුයේ කෙසේද ?

පහත වීඩියෝවෙන් එය පැහැදිලි කෙරේ.

ලියාපදිංචි බලයලත් ආයතනයක් නම් ඔවුන් ඔබේ අනන්‍යතාවය තහවුරු කරන ලේඛණ ඉල්ලා සිටිනු ඇත.

ඔබ මුදල් යවන ආයතනය ලියාපදිංචි ආයතනයක්දැයි පහත Link එක මගින් තහවුරු කරගත හැකියි.

https://online.austrac.gov.au/ao/public/rsregister.seam

source :

https://www.austrac.gov.au/business/industry-specific-guidance/remittance-service-providers/unregistered-remittance-dealers?fbclid=IwAR29X65Kme4VFQgH39bUxRk67sMNmx2I27LYyDuuwm9P-WEgXjHb5Q7yaUU

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »