ලබන වසරේ T20 ලෝක කුසලාන අවසන් මහා තරගය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ

ලබන වසරේ ඔස්ටේ්‍රලියාවේ පැවැත්වෙන මීලග විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගමාලාවේ අවසන් මහා තරගය
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනුමැතිය දී තිඛෙනවා.

තරග මාලාව ලබන වසරේ ඔක්තෝම්බර් 16 වනදා සිට නොවැම්බර් 13 වනදා දක්වා ඔස්ටේ්‍රලියාවේ නගර 07 ක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනු ඇති.

අවසන් පුර්ව වටයේ තරග පැවැත්වෙන්නේ සිඩ්නි හා ඇඩිලේඩ් හිදියි.

2020 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානයද පැවැත්විමට සැලසුම් කර තිබුනේ ඔස්ටේ්‍රලියාවේයි.

නමුත් කොරෝනා තත්වය හමුවේ එය වසර දෙකකින් කල් දැමුනා.

ලබන වසරේදි විස්සයි විස්ස ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා පිළ මෙවර මෙන් සුදුසුකම් ලැබිමේ තරග වටයකටද එක්විය යුතු වනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »