ඔස්ටේ්‍රලියාවේ Cloud Computing ඉහළ නංවන්න Google වෙතින් ඩොලර් බිලියනයක්

ඔස්ටේ්‍රලියාව තුළ ඩිජිටල් අනාගත සැළසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ගූගල් ආයතනය විසින් ඩොලර් බිලියනයක ආයෝජනයක් සිදුකිරීමට සැළසුම් කර තිබෙනවා.

ඉදිරි වසර 05 ක කාලය තුළදි එය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

Cloud Computing කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන බවයි ගූගල් ආයතනය නිවේදනය කලේ.

මීට සමගාමීව ඔස්ටේ්‍රලියාව තුළ සිය පළමු පර්යේෂණ ආයතනය පිහිටුවීමටද ගූගල් ආයතනය පියවර ගෙන ඇති අතර දේශීය ව්‍යවසායකයන් සහ පර්යේෂකයන්ගේ සහාය ලබාගැනීමටද තීරණය වී තිබෙනවා.

මේ පිළිබඳ තමන්ද අතිශය සතුටට පත්වන බවයි අගමැති ස්කොට් මොරිසන් අද සිඩ්නි නුවර පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »