මුහුණු ආවරණ අනිවාර්ය නොකිරීම ඇතුලු වික්ටෝරියා කොවිඩ් රෙගුලාසි ගණනාවක් ඉවතට

වික්ටෝරියා ප්‍රාන්තයේ තවදුරටත් ක්‍රියාත්මක කොවිඩ් රෙගුලාසි ගණනාවක් ලබන සති අන්තය වනවිට ඉවත් කරන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.

ඒ අනුව කාර්යාල තුළදී මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය නොකිරීම ඇතුලු නීති කිහිපයක් ලිහිල් කෙරෙන බවයි අගමැතිවරයා කියාසිටියේ.

මේ වනවිට ප්‍රාන්තයේ පූර්ණ එන්නත්කරණ ඉලක්කය සියයට 90 කට ආසන්න වෙමින් පවතින බැවින් ලබන සිකුරාදා වනවිට තමන් එම නිවේදනය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලා.

එමෙන්ම පුද්ගල හමුවීම් සහ මහජන ඒකරාශිවීම් සඳහා දැනට බලාත්මක සියලු සීමා මෙහිදී ඉවත් කෙරෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ එන්නත්කරණ ප්‍රතිශතය ඉහළයාමට සාපේක්ෂව කොවිඩ් ආසාධිතයන් වාර්තාවීමද කැපී පෙනෙන අයුරින් පහළ යන ආකාරයකුයි දක්නට ලැබෙන්නේ.

PIC – AAP

SOURCE : https://7news.com.au/lifestyle/health-wellbeing/daniel-andrews-will-announce-90-per-cent-covid-vaccine-rule-easings-later-this-week-c-4574353

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »