Search

නව කොවිඩ් පණතට එරෙහිව වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට රැය පුරා විරෝධතා

වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ගෙන ඒමට යෝජිත නව කොවිඩ් පණත් කෙටුම්පතට එරෙහිව වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා විරෝධතාවයක් ක්‍රියාත්මකයි.

70 කට ආසන්න පිරිසක් එම ස්ථානයේ රැඳී සිටින බව සඳහන්.

ප්‍රාන්ත රජය විසින් ගෙන ඒමට යෝජිත පණත් කෙටුම්පත හරහා ප්‍රාන්ත අගමැතිවරයාට ප්‍රමාණය ඉක්මවා බලතල ලැබෙන බවත් එය කිසිසේත් අනුමත කල නොහැක්කක් බවත් විරෝධතාකරුවන් පෙන්වා දෙනවා.

මෙම සතිය පුරාවට මෙලෙස මුලු දිනය පුරා වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක නිරතවීමයි ඔවුන්ගේ සැලසුම වන්නේ.

වසංගත තත්වයකදී හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමේ බලය ඇතුලු අසීමිත බලතල රැසක් යෝජිත නව පණත් කෙටුම්පතෙන් අගමැතිවරයාට ලැබෙන බවටයි විරෝධතාකරුවන් චෝදනා කර සිටින්නේ.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »