නිමා වූ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පාදක කර ගනිමින් ලොව වඩාත් වටිනාම කණ්ඩායම මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ, තරග 45 ක් පුරා ක්‍රීඩකයින් දැක්වූ දක්‍ෂතා සැලකිල්ලට ගනිමින්.
එහි විශේෂත්වය වන්නේ කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙකු මෙම කණ්ඩායමට ඇතුළත් නොවද්දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් දෙදෙනෙකු ඊට නම් කිරීමයි.
එම ක්‍රීඩකයින් වන්නේ චරිත් අසලංක සහ වනිදු හසරංගයි.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විචාරකයින් සහ මාධ්‍යවේදීන්ගේ දත්ත, අදහස් සහ ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් මෙම කණ්ඩායම නම් කර තිබෙනවා.
එලෙස නම්කර ඇති කණ්ඩායම :
ඩේවිඩ් වෝනර්
ජොස් බට්ලර්
බාබර් අසාම්
චරිත අසලංක
ඒඩන් මාක්‍රම්
මොයින් අලී
වනිඳු හසරංග
ඇඩම් සැම්පා
ජොස් හෙස්ල්වූඩ්
ට්‍රෙන්ට් බෝල්ට්
ශහීන් අෆ්රිඩි
ඉකුත්වර ලෝක ශූරයින් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් හා පෙරළිකාර ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකු ලොව වඩාත් වටිනාම 20-20 කණ්ඩායමට නම්කර නොතිබීම විශේෂත්වයක්.