නිවාස පොළී අනුපාත ඉහළ යනු ඇතැයි ඔස්ටේ්‍රලියානුවන් බියෙන්

නිවාස පොළී අනුපාත ඉහළ යාම සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානුවන් අතුරින් අති බහුතරයක් අප්‍රසාදයෙන් පසුවන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

පොළී අනුපාතය එක් අගයකින් වැඩිවීම යනු තමන්ට මාසිකව ඩොලර් 300 ක පමණ අමතර පිරිවැයක් දැරීමට සිදුවන්නක් බවයි Finance Brokers Association of Australia විසින් සිදුකල සමීක්ෂණයකදී ඔවුන් පෙන්වා දී ඇත්තේ.

පුද්ගලයන් 1000 ක් යොදාගෙන සිදුකල මෙම සමීක්ෂණයේදී සියයට 57 ක් පමණ පවසා ඇත්තේ එය තමන්ට දැරීමට අසීරු බරක් වනු ඇති බවයි.

එබැවින් පවතින නිවාස පොළී අනුපාතයන් පවතින මට්ටමේම පවත්වාගෙන යා යුතු බවයි ඔවුන්ගේ ස්ථාවරය වන්නේ.

විශේෂයෙන් උකස් ණය ලබාගෙන ඇති නිවාස හිමියන් මෙහිදී වැඩි අවධානම් මට්ටමක සිටින බවටද මෙම සමික්ෂණයේදී හෙළිකරගෙන තිබෙනවා.

source : https://7news.com.au/lifestyle/personal-finance/trouble-ahead-for-some-when-rates-rise-c-4559010?fbclid=IwAR09dQBbam38FbxuPP2IrzXKg8vi_KEiSwIIzRA7yEqYdGQDaydwEsIJzP0

CREDIT – AAP

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »