Search

වසර 07 කට පෙර අතුරුදන් වූ William Tyrrell දරුවා ගැන නැවතත් විමර්ශනයක්

වසර 07 කට පෙර නිවු සවුත් වේල්ස් Kendall හිදී අතුරුදන් වූ එවකට 03 හැවිරිදි වියෙහි පසුවූ William Tyrrell දරුවා සම්බන්ධයෙන් නැවතත් විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා.

ඔහු ඝාතනය කර වළ දමා ඇතැයි සැළකෙන ස්ථාන කිහිපයක් පරීක්ෂා කර බැලීම සඳහා සිය ගණනක් වන පොලිස් නිළධාරීන් අද දිනයේදී ඒ අනුව යෙදවෙනු ඇති.

2014 වසරේ සැප්තැම්බර් 12 වනදා නිවු සවුත් වේල්ස් Kendall ප්‍රදේශයේ පිහිටා ඇති සිය මිත්තණියගේ නිවසේ සිටියදීයි William Tyrrell දරුවා අතුරුදන් වූයේ.

අද ආරම්භ වන විමර්ශනය සඳහා පුරා විද්‍යාඥයන් කිහිප දෙනෙකුද සහභාගී වන අතර අදාළ ස්ථානවල තිබී සොයාගන්නා අස්ථි කොටස් විමර්ශනය කිරීමයි ඔවුන්ට පවරා ඇත්තේ.

අද පරීක්ෂා කරන ඇතැම් ප්‍රදේශ මීට ඉහතදී පරීක්ෂාවට ලක් නොවූ ප්‍රදේශ බවටද වාර්තා වනවා.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »