Search

ලබන 23 දා සිට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා විවෘත කෙරේ

ලබන සතියේ සිට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා විවෘත කිරීමට තීරණය වී තිබෙනවා.

මේ අනුව නොවැම්බර් 23 වනදා සිට පූර්ණ එන්නත්කරණයට ලක්වූ නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ප්‍රාන්තවාසීන්ටද සිය ප්‍රාන්තයට ඇතුලුවිය හැකි බවයි දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාර්ෂල් කියාසිටියේ.

පූර්ණ එන්නත්කරණයට ලක්වූ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවාසීන්ටද අනෙක් ප්‍රාන්ත වෙත ගොස් නිරෝධායනයකින් තොරව යළි පැමිණිය හැකියි.

මේ අතර අද පස්වරු 05 සිට පූර්ණ එන්නත්කරණයට ලක්වූ නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ප්‍රාන්තවාසීන්ට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය වෙත පැමිණිය හැකි වනවා.

නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ප්‍රාන්තවල අධි අවධානම් ප්‍රදේශවල සිට පැමිණෙන පුද්ගලයන්ට නිසි අවසරය ලැබී ඇත්නම් නිවාස නිරෝධායනයට ඇතුළත් වීමට අද සිට අවස්ථාව පවතින බව ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පවසනවා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »