2021 පන්දුවාර 20 ලෝක කුසලානය ඔස්ටේ්‍රලියාවට

2021 පන්දුවාර 20 ලෝක කුසලානය ජය ගැනීමට ප්‍රබල ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ඒ ඩුබායි හිදී පැවති අවසාන මහා තරගයෙන් නවසීලන්තයට එරෙහිව කඩුලු 08 ක ජයක් වාර්තා කරමින්.

කාසියේ වාසිය දිනාගත් ඔස්ටේ්‍රලියාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තයට පිරිනැමුවා.

ඒ අනුව නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 172 ක්.

නායක කේන් විලියම්සන් 85 යි.

ජොෂ් හේසල්වුඩ් ළකුණු 16 කට කඩුලු 03 ක් දවා ගත්තා.

පිළිතුරු ඉණිම ක්‍රීඩාකල ඔස්ටේ්‍රලියාව පන්දුවාර 18 යි පන්දු 05 කදී කඩුලු 02 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට සමත්වුණා.

මිෂෙල් මාර්ෂ් නොදැවී 77 යි.

ඩේවිඩ් වෝනර් පන්දු 38 කදී ළකුණු 53 ක් රැස්කලා.

ටේ‍රන්ට් බෝල්ට් ළකුණු 18 කට කඩුලු 02 යි.

ඔස්ටේ්‍රලියාව පන්දුවාර 20 ලෝක කුසලානයක් ජයගත් පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »