ඔස්ටේ්‍රලියා සංචාරකයන්ට ලංකාව ගැන දැනුවත් කරන්න මෙල්බන් කොන්සල් කාර්යාලයෙන් අලුත් වැඩක්

ඔස්ටේ්‍රලියානු සංචාරකයන් අතර ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස වැඩි වශයෙන් ප්‍රචලිත කිරීමට මෙල්බන් නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය විසින් විශේෂ වැඩසටහනක් සංවිධාන කර තිබේ.

“SRI LANKA, THE NEXT HOLIDAY DESTINATION FOR THE AUSTRALIAN TOURISTS” ලෙස නම් කර ඇති එය එළඹෙන බදාදා (17) මෙල්බන් වේලාවෙන් පස්වරු 03.30 සිට පස්වරු 04.50 දක්වා දැනුවත් කිරීමේ Webinar සැසියක් ලෙස අන්තර්ජාලය ඔස්සේ පැවැත්වේ.

මෙල්බන් හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය / ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය / ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සහ ඔස්ටේ්‍රලියා ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය ඒකාබද්ධවයි මෙය ක්‍රියාත්මක කරනු ලබන්නේ.

නව වීසා රෙගුලාසි – කොවිඩ් 19 ආරක්ෂක පියවර – ශ්‍රී ලංකා සංචාරක නිෂ්පාදන සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් විස්තර පිළිබඳ සවිස්තර තොරතුරු මීට අන්තර්ගතයි.

වික්ටෝරියා – දකුණු ඔස්ටේ්‍රලියා හෝ තස්මේනියා හි ඕනෑම සංචාරක නියෝජිතයෙකුට මීට සම්බන්ධ විය හැකිය.

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »