
මීට මාස කිහිපයකට පෙර පර්ත් ළමා රෝහලේ දී මියගිය Aishwarya Aswath දැරියගේ දෙමව්පියන් විසින් ඩොලර් මිලියන 05 ක වන්දියක් ඉල්ලා සිටිනවා.
බටහිර ඔස්ටේ්‍රලියා රජයෙනුයි ඔවුන් මෙම වන්දි මුදල අපේක්ෂා කර සිටින්නේ.
උණ රෝගී තත්වයක් හේතුවෙන් රෝහලට රැගෙන ආ සිය දියණියට රෝහලේදී ප්‍රමාණවත් තරම් මූලික වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණු බවටයි දෙමව්පියන් චෝදනා කර සිටින්නේ.

Aishwarya Aswath දැරියගේ දෙමව්පියන් නගා ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය විසින් ස්වාධීන කොමිසමක්ද පත්කරනු ලැබුවා.
එහි නිර්දේශ මත ඉදිරි පියවර ගන්නා බවටයි ප්‍රාන්ත රජය සහතික වී ඇත්තේ.
