ඔස්ටේ‍රලියාව තුළ අවුරුදු 12 ට අඩු ළමුන්ට ලබන ජනවාරියේ සිට කොවිඩ් එන්නත්

වයස අවුරුදු 12 ට අඩු ළමුන්ට ලබන ජනවාරි මාසයේ සිට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට ඔස්ටේ‍රලියාව තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් සඳහන් කලේ වයස අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන්ට එන්නත ලබාදීමට මේ දක්වා කිසිදු අනුමැතියක් ලැබී නොමැති බවයි.

අදාළ වයස් කාණ්ඩයේ ළමුන්ට ෆයිසර් එන්නත ලබාදීමට අමෙරිකාව පසුගියදා අවසර ලබාදුන්නා.

ළමුන් එන්නත්කරණය සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණවත් තරම් මේ වනවිටත් රට තුළ පවතින බවයි ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

පසුගිය සිකුරාදා දිනයේදී ඔස්ටේ්‍රලියාව තුළ එක් කොවිඩ් මාත්‍රාවක් හෝ ලබාගත් ප්‍රතිශතය සියයට 90 ඉක්මවා ගියා.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »