Search

බටහිර ඔස්ටේ්‍රලියා රජය හා ෆෙඩරල් රජය කඹ ඇදීමක – පර්ත් අලු බඳුන තරගය වැට උඩ

සැලසුම් කල දිනයට පෙර බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා විවෘත කිරීමට හැකිවනු ඇතැයි ෆෙඩරල් රජයේ සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසනවා.

ඉහළම එන්නත්කරණ ප්‍රතිශතයක් වාර්තා කර ඇති ප්‍රාන්ත 02 ක් වන නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවලට පවා මේ දක්වා බටහිර ඔස්ටේ්‍රලියාව සිය ප්‍රාන්ත සීමා විවෘත කර නැහැ.

කෙසේවෙතත් අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් පර්ත් හිදී පැවැත්වීමට නියමිතව ඇති බැවින් සැලසුම් කල කාලයට වඩා ඉක්මණින් ප්‍රාන්ත සීමා විවෘත කෙරෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

එහෙත් මේ සඳහා ප්‍රාන්ත අගමැති Mark McGowan විරුද්ධත්වය පළ කර ඇති අතර ජනවාරි 15 වනදා වැනි පසු දිනයකට ටෙස්ට් තරගය කල් දැමීම වඩාත් යෝග්‍ය බවයි ඔහුගේ ස්ථාවරය වන්නේ.

ඊට පෙර සියලු ක්‍රීඩකයන් සිඩ්නි හිදී නිරෝධායනය විය යුතු බවද ඔහු අවධාරණය කරනවා.

මෙල්බන් ඇතුලු නගර රැසක ඉදිරි දින තුනේ කාලගුණයේ ලොකු වෙනසක්

Nothern Territory, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයන්ගේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වයේ ඉහල යෑමක් අද , හෙට සහ අනිද්දා දින තුළ අපේක්ෂා කළ හැකි බවට කාලගුණ විද්‍යා කාර්යංශය (BoM) විසින් සදහන් කර තිබෙනවා.

Read More »

මිනිත්තු කිහිපයක් වැය කර Blood Pressure අඩු කර ගන්න ඔස්ට්‍රේලියාවෙන් අලුත් අනාවරණයක්

සෑම දිනකම අවම වශයෙන් මිනිත්තු කිහිපයක් ව්‍යායාම්වල නිරත වීමෙන් ශරීරයේ රුධිර පීඩනය අවම කළ හැකි බවට ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් මූලික වී සිදුකළ ජාත්‍යන්තර අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

දිනෙන් දින වෙනස් වන ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කල (නොවැම්බර්7) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 199 කට ආසන්න වී තිබෙනවා

Read More »