මෙල්බර්න් CBD අවන්හල්වල බිල්පත් ගාස්තුවෙන් 30% ක වට්ටමක් දීම හෙට සිට

මෙල්බර්න් CBD අවන්හල්වලින් ආහාර ගන්නා පාරිභෝගිකයන්ට බිල්පත් ගාස්තුවෙන් සියයට 30 ක වට්ටමක් ලබාදීමේ වැඩපිළිවෙල හෙට (15) සිට ආරම්භ කෙරේ.

කොවිඩ් හමුවේ පීඩාවට පත් ව්‍යාපාරික ස්ථාන සඳහා සහන සැලසීමේ ඩොලර් මිලියන 44 ක වැඩපිළිවෙල යටතේ එය ක්‍රියාත්මකයි.

ඩොලර් මිලියන 05 ක වවුචරපත් මෙහිදී ලබාදීමට නියමිතව තිබෙනවා.

මෙල්බර්න් හි පිහිටා ඇති සියලුම අවන්හල් – cafes සහ මත්පැන් හල් සඳහාද මෙම වට්ටම් ක්‍රමය ක්‍රියාත්මකයි.

සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා ආහාර පාන ගැනීමේදී ඩොලර් 50 ත් 500 ත් අතර බිල්පත් ගාස්තුවෙන් සියයට 30 ක වට්ටමක් ලබාදීමයි මෙහිදී සිදුවන්නේ.

නත්තල් සමය තුළදීත් මෙවැනි වැඩසටහනක් ක්‍රියාවට නංවන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කරනවා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »