අද අවසන් තරගයේදී පාසැල් මිතුරන් දෙදෙනෙකු ප්‍රතිවාදීන් වෙයි

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය දෙස ලෝකයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවදානයක් යොමුවූ සුවිශේෂී කරුණක් පිළිබඳ මේ වන විට වාර්තා වනවා.

ඒ, අද පැවැත්වෙන අවසන් තරඟයේදී එකට ගැටෙන ඕස්ට්‍රේලියාව සහ නවසීලන්ත කණ්ඩායම් දෙකේ පාසැල් මිතුරන් දෙදෙනෙකු සිටීමයි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මාකස් ස්ටොනිස් හා නවසීලන්ත කණ්ඩායමේ ඩැරල් මිචෙල් එම මිතුරන් දෙදෙනායි.

දීර්ඝ කාලීන මිතුරන් වන ඔවුන් දෙදෙනා 2009 දී එකම කණ්ඩායමක ක්‍රීඩකයින් ලෙස කැපී පෙනෙන දක්ෂතා දක්වා තිබෙනවා.

ඩැරල් මිචෙල් බටහිර ඕස්ට්‍රේලියා වයස අවරුදු 19 න් පහළ කණ්ඩායමේද සාමාජිකයෙක්.

රග්බි ක්‍රීඩකයෙකු වන ඔහුගේ පියාට නවසීලන්තයේ රග්බි කණ්ඩායමක පුහුණුකරු ධූරයක් හිමිවීමත් සමඟ ඩැරල් මිචෙල් පසුව නවසීලන්තයට ගොස් තිබෙනවා.

අවසන් මහා තරඟයට පිවිසීමේදී පාකිස්තානය පරාජය කිරීමට ඕස්ට්‍රේලියාවේ මාකස් ස්ටොනිස්ගේ හා එංගලන්තය පරාජය කිරීමට නවසීලන්තයේ ඩැරල් මිචෙල්ගේ දක්ෂ පිතිහරඹය ඉවහල්වීම කැපී පෙනෙන සිදුවීමක්.

ඒ අනුව මෙම මිතුරන් දෙදෙනා ප්‍රතිවාදීන් ලෙස එකම කුසලානයක් වෙනුවෙන් අද දිනයේදී කණ්ඩායම් දෙකකින් ක්‍රීඩා කරනු ඇති.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »