බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා ලබන ජනවාරි මාසය අවසන් වන තුරු වසා තැබෙනු ඇති බවට අනාවැකි පළවනවා.
නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – ACT යන ප්‍රාන්ත සඳහා බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා තවදුරටත් වසා දමා පවතිනවා.
කෙසේවෙතත් මෙය අගමැති ස්කොට් මොරිසන් ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී තිබේ.
නැගෙනහිර ප්‍රාන්ත විසින් නිසි පරිදි වගකීම ඉටු කරමින් සිටින බවටත් බටහර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය ඉන් බැහැරවී ඇති බවටත් අගමැතිවරයා චෝදනා කරනවා.
ප්‍රාන්ත සීමා වසා දැමීම හමුවේ සිදුවන්නේ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ ආර්ථිකයට හානි සිදුවීම පමණක් බවද අගමැති ස්කොට් මොරිසන් පෙන්වා දෙනවා.