මහේල ICC විශිෂ්ඨයන්ගේ නාම ලේඛණයට

අයි සී සී විශිෂ්ඨයන්ගේ නාම ලේඛණය (Hall of Fame) සඳහා ශ්‍රී ලංකා හිටපු ප්‍රවීණ ක්‍රීඩක මහේල ජයවර්ධනගේ නමද ඇතුළත් කර තිබෙනවා.

ඔහුට අමතරව දකුණු අප්‍රිකා ක්‍රීඩක ෂෝන් පොලොක් සහ එංගලන්ත ක්‍රීඩිකා ජැනට් බ්‍රිටින් ද ඊට ඇතුළත් කර ඇති බවයි අයි සී සී ය නිවේදනය කලේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග 652 කට ක්‍රීඩා කර ඇති මහේල ටෙස්ට් තරග 149 කට / එක්දින තරග 448 කට සහ පන්දුවාර 20 තරග 55 කටද ක්‍රීඩා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග ගණනකට ක්‍රීඩා කර ඇත්තේද මහේල ජයවර්ධන වීම විශේෂත්වයක්.

අයි සී සී විශිෂ්ඨයන්ගේ නාම ලේඛණයට ඇතුළත් 03 වන ශ්‍රී ලාංකිකයා වන්නේ මහේල ජයවර්ධන වන අතර කුමාර සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් ද ඊට අන්තර්ගතයි.

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »