නත්තල් වනවිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

නත්තල් සමය වනවිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට සපයන ජලය කප්පාදු කිරීමට සිදුවනු ඇති බවට බලධාරීන් අනතුරු අගවනවා.

ප්‍රාන්ත රජය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය කටයුතු සඳහා හැකිතාක් ජලය භාවිත කිරීමෙන් වළකින ලෙසයි.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට ජලය සපයන ප්‍රධානම ජලාශයක් වන Wivenhoe Dam හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ යාම මීට ප්‍රධාන හේතුවයි.

මේ වනවිට එහි ජල ධාරිතාවය සියයට 39.6 දක්වා අඩුවී තිබෙනවා.

සමස්ත ප්‍රාන්තයම සැළකීමේදී මේ වනවිට ජල ධාරිතාවය පවතින්නේ සියයට 55.2 ක් ලෙසයි.

ඉදිරි ග්‍රීෂ්ම සෘතුවේදි මෙම තත්වය තවත් පහළ යනු ඇතැයිද සඳහන්.

PIC –  (Tony Moore)

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »