කොවිඩ් වසංගතයෙන් පසු පළමු වරට ජාත්‍යන්තර සිසුන් රැගත් ගුවන් යානය ලබන 06 දා සිඩ්නි නගරයට

කොවිඩ් වසංගතයෙන් පසු පළමු වරට ජාත්‍යන්තර සිසුන් රැගත් ගුවන් යානයක් ලබන 06 වනදා ඔස්ටේ්‍රලියාවට ගොඩබැස්වීමට නියමිතතව තිබෙනවා.

ඉන්දුනීසියාව – සිංගප්පූරුව – වියට්නාමය – චීනය සහ කැනඩාවේ සිසුන් පිරිසක් කුලී ගුවන් යානයකින් මෙලෙස සිඩ්නි නගරයට පැමිණිමටයි නියමිතව ඇත්තේ.

සිසුන් 250 දෙනෙකු පමණ එහි පැමිණීමට නියමිත බව මුදල් අමාත්‍ය Simon Birmingham පවසා සිටියා.

ඉදිරියේදී තවත් රටවල්වල සිසුන් සඳහා ඔස්ටේ්‍රලියා දේශ සීමා විවෘත කිරීමට නියමිතයි.

මෙලෙස පැමිණෙන සිසුන් ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ විසින් අනුමත කරන ලද එන්නතක් ලබාගෙන සිටීම අනිවාර්ය වනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »