නවසීලන්තයට හොඳ අභියෝගයක් දීමට ඔස්ටේ්‍රලියාව සැරසෙයි

මාසයක් පුරා පැවැති තරග 45 කින් සමන්විත වූ 2021 විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාප්තිය සනිටුහන් කෙරෙන අවසන් මහ තරගයේදී නවසීලන්තයට එරෙහිව සාර්ථක අභියෝගයක් එල්ලකිරීමට සූදානම් බව ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායම පවසනවා.

හෙට ඩුබායි ක්‍රීඩාංගණයේදීයි තරගය ආරම්භ වන්නේ.

ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක් ද අනු ශූරතාව හිමිකර ගන්නා කණ්ඩායමට ඩොලර් ලක්ෂ 08 ක් ද හිමිවනවා.

අවසන් පූර්ව වටයේදී එංගලන්තයට එරෙහිව කඩුලූ 5 ක ජයක් ලබමින් නවසීලන්තය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තා.

ඔස්ටේ්‍රලියාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී පාකිස්තානයට එරෙහිව කඩුලූ 5 ක ජයක් ලබමිනුයි.

නවසීලන්තය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයකට සහභාගි වන පළමු අවස්ථාව මෙයයි.

ඔස්ටේ්‍රලියාව 2010 වසරේදී අනු ශූරයන් බවට පත්වුණා.

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »