වික්ටෝරියා අගමැතිට ඉල්ලා අස්වන්නැයි බලකර මෙල්බර්න් විරෝධතා

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමට විරෝධය පළකරමින් අද දිනයේදීත් මෙල්බර්න් නගරයේ දැවැන්ත විරෝධතාවයක් පැවැත්වෙනවා.

ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් ගෙන ඒමට යෝජිත නව කොවිඩ් පණත් කෙටුම්පතට විරෝධය පළකිරීමද මෙහි අරමුණක් වනවා.

State Library ආසන්නයේ පැවැත්වෙන මෙම විරෝධතාවයට 20,000 කට ආසන්න පිරිසක් සහභාගී වී සිටින බවටයි වාර්තා පළවන්නේ.

ඩැනියල් ඇන්ඩෲස් වහා වික්ටෝරියා අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවටද උද්ඝෝෂකයන් සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් සිටින බව සඳහන්.

යෝජිත පණත් කෙටුම්පත හරහා වසංගත තත්වයකදී හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කිරීමට අගමැතිවරයාට බලතල ලැබෙන බවත් එය සීමාව ඉක්මවා යාමක් බවටත් විරෝධතාකරුවන් චෝදනා කර සිටිනවා.

පසුගිය සති අන්තයේදීත් මෙවැනිම විරෝධතා මාලාවක් මෙල්බර්න් නගරය පුරා පැවැත්වුණා.

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »