
වාහන නවීකරණය, වෙනස් කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා ගාස්තුවක් අය කිරීමට ශ්‍රී ලංකාවේ මෙවර අයවැයෙන් යෝජනා වී තිබේ.
මීට අමතරව සමා කාලයක් ඇතුළත දඩ මුදලක් ගෙවීමට යටත්ව ධාවනය කිරීමට යෝග්‍ය නීත්‍යානුකූල නොවන මෝටර් වාහන සහ මෝටර් සයිකල් නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමට ද අයවැයෙන් යෝජනා වී ඇත.
නිදහස් කර නොගත් ශ්‍රී ලංකා රේගුවේ තිබෙන සියලූ වාහන නිදහස් කිරීමට යෝජනා වී තිබේ.

මෙලෙස නිදහස් කරන්නේ අදාළ බදු සහ දඩ ගැනීමෙන් අනතුරුවයි.
“බැංකු හා මූල්‍ය සේවා ආයතන විසින් මූල්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් වන අගය එකතු කිරීම මත අයකරන බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. මෙම බද්ද 2022 ජනවාරි පළමු වන දින සිට 2022 දෙසැම්බර් 31 වන දින දක්වා සෑම මසකම ගෙවිය යුතුයි. එමෙන්ම, මෙම බද්ද පාරිභෝගිකයා වෙත යොමු නොකළ යුතුයි. මේ මඟින් රුපියල් බිලියන 18 ක් පමණ උපයා ගැනීමට බලාපොරොත්තු වනවා“, යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය අයවැය කතාවේ දී කියා සිටියේය.

2020/2021 තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 2,000 ට වඩා බදු අයකළ හැකි ආදායමක් උපයන ලද තැනැත්තන් හෝ සමාගම් මත එක් වරක් පමණක් අය කෙරෙන සියයට 25 ක අධිභාරය (Tax surcharge) බද්දක් අය කිරීමට යෝජනා කරනු ලබන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය අයවැය කතාවේ දී ප්‍රකාශ කළේය.
එසේම මෙම බද්ද මඟින් රුපියල් බිලියන 100 ක් පමණ උපයා ගැනීමට අපේක්ෂා කරනු ලබන බව ද මුදල් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.