ඔස්ටේ්‍රලියාවේ පූර්ණ එන්නත්කරණයට ලක් කල ප්‍රතිශතය 90% ඉක්මවයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාවේ පූර්ණ එන්නත්කරණයට ලක් කල ප්‍රතිශතය 90% ඉක්මවයි

ඔස්ටේ්‍රලියාවේ පූර්ණ එන්නත්කරණයට ලක් කල ප්‍රතිශතය 90% ඉක්මවයි

එන්නත්කරණ කඩඉමක් අභිබවා යමින් ඔස්ටේ්‍රලියාවේ පූර්ණ එන්නත්කරණයට ලක් කල ප්‍රතිශතය සියයට 90 ඉක්මවා ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් අගමැති ස්කොට් මොරිසන් සඳහන් කලේ මේ දක්වා කොවිඩ් එන්නතක් ගෙන ඇති සෑම අයෙකුටම සිය ස්තූතිය පළකරන බවයි.

එය එකිනෙකා ආරක්ෂා කරගැනීමට පමණක් නොව ආරක්ෂිතව ඔස්ටේ්‍රලියාව නැවතත් ලෝකයට විවෘත කිරීමට දක්වන දායකත්වයක් බවද අගමැතිවරයා සඳහන් කලා.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ වසංගත නීතිවලට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මැදිහත් නොවන බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පුද්ගලයින් සඳහා ජනයා ඒක රාශිවීම්, සංගීත සහ නර්තන වැනි උත්සවවලට සහභාගී වීම් සම්බන්ධ කොවිඩ් නීති සමාලෝචනය කරන බැවින් අවුරුදු 16-24 වයස් කාණ්ඩයේ අයට කොවිඩ් එන්නත ලබාගන්නා ලෙස ටස්මේනියා ප්‍රාන්ත රජය ඉල්ලා සිටියි.

COMMENTS